Iraj Weerarathna Facebook Page Case

ඉරාජ්ට බැන්නොත් ඔබේ ෆේස්බුක් ගිණුමත් අවධානමේ - මේක හරිද? 

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මේ වන විට සමාජ ජාල භාවිතා කරන්නන්ගේ වැඩි කතාබහකට ලක්වන චරිතයක් වී තිබෙනවා.

ඒ ඔහු විසින් කරන ලද විවිධ නිර්මාණ හේතුවෙන්.


ඉරාජ් සමග පැවති රේඩියෝ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ දින කිහිපයේ ඉතා ජනප්‍රිය ෆේස්බුක් පිටු කතාබහක් ඇති කර ඉරජ්ගේ වීඩියෝ පට පල කර තිබුණා.

එම වීඩියෝ පට පල කර තිබු ජනප්‍රිය ෆේස්බුක් පිටු මේ වන විට ක්‍රියාවිරහිත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයින් ඉරාජ් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පල කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීමකදී අනාවරණය වුයේ ඉරාජ් වීරරත්නගේ ගීතමය වීඩියෝ පට මෙන්ම ඔහුගේ අනන්‍යතාවකින් යුත් නිර්මාණය සහ වීඩියෝ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කිසිදු වෙබ් අඩවියකට ඇතුලත් කල නොහැකි බවත් එසේ සිදු වුවහොත් අන්තර්ජාලය මගින් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් ඉරාජ්ට පවතින බවයි.

එමෙන්ම ඔහුගේ වීඩියෝ පට සහ නිර්මාණ ෆේස්බුක් පිටු වෙත එක් කළහොත් 
ෆේස්බුක් පිටු ක්‍රියාවිරහිත වනවා.

මේ නිසා ක්‍රියාවිරහිත වූ ෆේස්බුක් ගිණුම් පහතින් බලන්න.













කෙනෙකු විවේචනය කිරීම අවහිර කිරීම ඉතා වැරදි ක්‍රියාවක් වන අතර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කෙනෙකු විවේචනය කිරීම අවහිර කිරීම සම්බන්ධයෙන් ඔබගේ අදහස පහතින් දක්වන්න.

www.reader.lk