Dharshana Handungoda vs Iraj

ඉරාජ්ගේ සංස්කෘතිය කැඩීම, දර්ශන හදුන්ගොඩ දකින හැටි

" ජාතිවාදයට එරෙහි වීම ගැන බොහොම ස්තුතියි.. අවුරුදු 20 ට අඩු තරුණයන්ගේ හා තරුණියන්ගේ හෙට දවස ගැන මිටවඩා ඉරාජ් සැලකිලිමත වෙන්න ඕනි "


දෙරණ රුපවාහිනී නාලිකාවේ වැඩසටහනකදී ඉරාජ් වීරරත්න විසින් කළ ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉකුත් දින කිහිපයේ කතාබහකට ලක් වුණා.


එහිදී ඔහු කියා සිටියේ මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ මත සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.

මේ සම්බන්ධයෙන් ඔහුට සමාජ ජාල භාවිතා කරන පුද්ගලයින් විශාල පිරිසක් චෝදනා එල්ල කළා.

සියල්ලට පිළිතුරු ලබා දෙමින් ඉරාජ් වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කර. එහිදී ඔහු යලි කියා සිටියේ තමන් මෙම සංස්කෘතිය කඩන බවයි.

මේ සම්බන්ධයෙන් විවිධ ආගම වල සංවිධාන මෙන්ම විවිධ නාලිකා වල කතාබහක් ඇති වුණා.

ඉරාජ්ගේ මෙම ප්‍රකශ සම්බධයෙන් මාධ්‍යවේදීයෙකු වන දර්ශන හදුන්ගොඩ මහතා වීඩියෝ පටයක් මගින් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.



ඉරජ්ගේ පෙර ප්‍රකාශය පහතින් බලන්න.




වැඩසටහනේදී ඉරාජ් කළ ප්‍රකාශය

www.reader.lk