Coconut does not work - Siwajilingam

හිලරි ක්ලින්ටන් වෙනුවෙන් උතුරේ සිවාජිලිංගම් ගහපු පොල් වැඩ නොකරයි

අමෙරිකානු මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිම ආසන ලබා ගනිමින් ජයග්‍රහනය කර තිබෙනවා.

ඔහුට එරෙහිව තරග කළ හිලරි ක්ලින්ටන්ට පරදවා මෙම ජයග්‍රහණය ඔහු හිමි කරගත්තා.

කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන්ට ජය පතා උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් යාපනය නල්ලූර් කන්දසාමි කොවිලේදී පොල් ගසා දේව මෙහෙයක් ද සිදුකළා.

නල්ලූර් කන්දසාමි කොවිලේ දී මෙම දේව මෙහෙය පැවැත් වූ අතර එයට ප්‍රදේශ වාසින් සහභාගී වී සිටියා.






www.reader.lk