2500 was a total of 15,000

2500 වුණු දඩය 15000ක් වෙයි

2500 දඩය සම්බ්වන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජය තුල දැඩි කතාබහක් ඇති කළා. එම දඩ මුදල සම්බන්ධයෙන් විවිධ මත සමාජය තුල ඇති වුණා.

කෙසේ වෙතත් වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබෙනවා.



බීමතින් රිය පැදවීමේ වරදට මෙතෙක් අය කෙරුණු රුපියල් දහසේ දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩිකිරීමටද තීරණය කර තිබෙනවා.


රථවාහන අවම දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

www.reader.lk