15 million to the entire Digital 000

ලංකාවම ඩිජිටල් කරන්න හරීන්ට මිලියන 15 000ක්


2017 අයවැය යෝජනාවලිය ඉකුත් දින පාර්ලිමේන්තුවේදී රවී කරුණානායක මහතා ඉදිරිපත් කරනු ලැබුවා.

එම අයවැය තුල විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා කල යෝජනා රැසක් මේවර අයවැයට ඇතුලත් වී තිබෙනවා.

ඒ තම බල ප්‍රදේශය සංවර්ධනය කිරීම සදහා වූ යෝජනා සහ 2017 උසස් පෙළ සිසුන් 175000කට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනායි.

ඒ සදහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයට වෙන්වී ඇති මුදල රුපියල් මිලියන 15 000ක් වන අතර බදුල්ලට අධිවේගීමාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සකස්කර තිබෙනවා.

තවද බදුල්ල ප්‍රදේශයේ නව කර්මාන්තශාලා ඉදිකිරීමට පැමිණෙන නව ආයෝජකයින් සදහා බදු විරාමයක් ලබාදීමටද මෙවර අයවැයෙන් යෝජනාවී තිබෙනවා.


www.reader.lk