හෙට සිට වැට් බද්ද 15% තෙක් ඉහල නැංවීම ක්රියාත්මක වීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදු වන බව වාර්තා වනවා.
භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වෙනවා.
දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15% ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාජ් වීරරත්න ෆේස්බුක් මගින් සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින් බලන්න.