Tamil Forum Book

බුදු දහමට දොස් කියන පොතක් ලියලා - වැඩේ පිටුපස ප්‍රබල ඇමති කෙනෙක්

බුදු දහම සහ ශ‍්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරමින් ග‍්‍රන්ථයක් එළිදක්වා ඇති බවට වාර්තා වනවා.

මෙය එළිදක්වා ඇත්තේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී වන අතර මෙම ග‍්‍රන්ථය පිටුපස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු සිටින බවයි වාර්තා වන්නේ.


බි‍්‍රතාන්‍යයේ දෙමළ සංසදය මෙය රචනා කර ඇති අතර බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා සංසඳය පවසන්නේ බි‍්‍රතාන්‍යයේ දෙමළ සංසදය සමග ශ‍්‍රී ලංකාවේ තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් සමීප සබඳතා පවත්වන බවයි.

අදාළ ග‍්‍රන්ථයේ ඇතුළත් කරුණු අසත්‍ය බවට බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට ද බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා සංසඳය කටයුතු කරමින් සිටිනවා.



www.reader.lk