Ranil Wickramasinghe Chocolate New Job

අගමැති රනිල්ට අළුත් ජොබ් එකක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස මේ දිනවල බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය වරයා ඇතුළු පිරිස ලොව්රාන් ජබාඩ් චොක්ලට් නිෂ්පාදනාගාරයට ගොස් තිබෙනවා. ඒ එම නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණය කිරිම සදහායි.

චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් ලෙස බෙල්ජියම හැදින්වෙනවා.

එහි අධිපති ලොව්රාන් ජබාඩ් මහතා තම ආයතනය සම්බන්ධ තොරතුරු අග්‍රාමාත්‍ය වරයා සමග පැවසූ අතර ශ්‍රී ලංකාවෙන් ගෙන්වන කුළුබඩු භාවිත කරමින් රස ගන්වන චොක්ලට් නිෂ්පාදනය කිරීම සම්බන්ධව පැහැදිලි කර තිබෙනවා.

පසුව එලෙස චොක්ලට් නිෂ්පාදනය කරන ආකාරය පෙන්වා දුන් ජබාඩ් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද චොකලට් සෑදීමට ආරාධනා කර තිබුණා.

එහිදී අග්‍රමාත්‍යවරයා සමග එක්ව චොක්ලට් නිෂ්පාදනය කර තිබෙනවා.







www.reader.lk