Piumi Hansamali - Ur right chilly

චිලී හරි පියුමි හංසමාලිගේ සහාය චිලීට 

ගායන ශිල්පියෙක් මෙන්ම පුද්ගලික රුපවාහිනී නාලිකාවක නිවේදකයෙක් ලෙස කටයුතු කරන තිලංක විදූෂ නොහොත් චිලි සම්බන්ධයෙන් කතාබහක් සමාජය තුල ඇති වී තිබෙනවා.

පුද්ගලයෙකුට කළ පහරදීමක් හේතුවෙන් මෙලෙස ඔහු සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.


කෙසේ වෙතත් පහර දීම හේතුවෙන් ඔහු පොලිසියට භාර වී ඇති අතර මුල් වරට නිලධාරීන් නිවසට පැමිණි අවස්ථා නිවසේදී අසැබි වචන පවසමින් පොලිසිය පන්නා දමන වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි වලට එක් කර තිබෙනවා.

තම මවට නිලධාරීන් කතා කර විලාසය වැරදි බවත් පවසමින් ඔහු අසැබි වදන් පවසමින් නිවසින් නිලධාරීන් පන්නා දැමීමට කටයුතු කරනවා.

කෙසේ වෙතත් පසුව පොලිසියට භාරවන ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනවා.

එම අවස්ථාව ආවරණය කිරීමට යාමේදි මාධ්‍ය වේදීන්ට විවිධ බලාපෑම් එල්ල වන අයුරුද දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි වලට එක් කර තිබුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාලයේ ජනප්‍රිය චරිතයක් වී තිබෙන පියුමි හංසමාලි තම සහය චිලි වෙත පල කර තිබෙනවා.

මෙලෙස පුද්ගලයෙකුට පහරදුන් පුද්ගලයෙකුට පියුමි සහය දැක්වීම සම්බන්ධයෙන් සමාජ ජාල භාවිතා කරනන් දැඩි අප්‍රසාදය පල කර තිබෙනවා.


www.reader.lk