උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන බවට පැවසෙන ඡායාරුප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න සදහන් කර ඇත්තේ මෙලෙස කිසිදු හමුදා නිලධාරීකුට පහරදීමක් සම්බන්ධයෙන් තමා වෙත වාර්තා වී නොමැති බවයි.
එමෙන්ම මෙම ඡායාරුප වල දැක්වෙන නිල ඇඳුමක් මෙරට ආරක්ෂක අංශ භාවිත නොකරන බවද වාර්තා වනවා.