MaximBady - Giniyam Ree

ගිනියම් රෑ ජාත්‍යන්තරයෙත් අවධානයට ලක් වෙයි

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නවතම ගීතමය වීඩියෝව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ වැඩි කතාබහකට ලක් වු වීඩියෝවක් වුණා.

ගීතයේ ඇති තරුණියන් දෙදෙනෙකුගේ අඩනිරුවත් දර්ශණ කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් මේ සදහා චෝදනා එල්ල කළා.


කෙසේ වෙතත් මේ වන විට මෙම ගීතය ජාත්‍යන්තර මට්ටමට ගොස් තිබෙන බව අපට වාර්තා වුණා.

ලොව සුප්‍රසිද්ද යුටියුබ් සුපිරි තරුවක් වන MaximBady යොදා නිර්මාණය කරන ලද ගිනියම් රෑ ගීතයේ වීඩියෝවක් MaximBady ඔහුගේ youtube චැනලයට එක් කර තිබෙනවා.

මේ අතර MaximBady යොදා නිර්මාණය කරන ලද මුල් වීඩියෝ පටය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය Twitter තරුවක් වන කළු මල්ලි විසින් නිර්මාණය කර තිබෙනවා.

පසුව MaximBady එම නිර්මාණය තම යුටුයුබ් ගිණුමට එක් කර තිබෙනවා.

මේ සදහා විශාල ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ විවිධ විදෙස් රටවල සමාජ ජාල භාවිතා කරනන්ගෙන් බවයි වාර්තා වන්නේ.




කළු මල්ලි  - https://www.facebook.com/theKalumalli/

www.reader.lk