kaveesha ayeshani last Night

කවීෂා අයේෂාණි එදින රාත්‍රිය ගත කරපු හැටි

රංගන ශිල්පිණි කවීෂා අයේෂාණි අනතුරට ලක්ව මියයාම සම්බන්ධයෙන් විවිධ පුවත් ඉකුත් දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දක්නට ලැබුණා.

මේ අතර ඇයගේ මිය යාම සම්බන්ධයෙන් පුවත්පතක් වාර්තා කර ඇත්තේ මියයාමට පෙර කවිෂා තම මවට දුරකථන ඇමතුමක්‌ ලබා ගෙන ඇති බවයි.


ඇය සුපුරුදු පරිදි මවට එදින දුක සැප විමසූ බවයි එහි සඳහන් වන්නේ.

එහි සදහන් වන පරිදි රාත්‍රියේ සහභාගිවීමට තිබූ උත්සවයකට යෑම සඳහා අවශ්‍ය ඇඳුමක්‌ මිලදී ගැනීමට නිවසින් පිටව ගොස් තිබෙනවා.

මෝටර් රථයේ විරහ ගීතයක්‌ අසන අයුරු වීඩියෝ කර තම මුහුණු පොතට දමා ඇත්තේ ඇය ඒ අතරයි.

පසුව ඇය උත්සවයට සහභාගී වී ට තිබෙනවා. ඇය උත්සවයට පැමිණ ඇත්තේ තම මෝටර් රථයෙන්.

පුවත් පතේ සදහන් වන පරිදි මෙම උත්සවයේ විදෙස්‌ මත්පැන් විශාල වශයෙන් තිබී ඇති අතර පැමිණි පිරිස ඒවායේ රස බලමින් විනෝද වී තිබෙනවා.

කෙසේ වෙතත් පාන්දර තුන පසුවී තිබුණත් උත්සවය අවසන් නොවුනු බවයි පැවසෙන්නේ.

කවිෂා සමුගෙන නිවෙස බලා පිටත්ව ගොස් ඇති අතර ඒ අතර තුර මෙම අනතුර සිදුව තිබෙනවා.




www.reader.lk