පරිඝනකය මේ වන විට ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී තිබෙනවා. එමෙන්ම සෑම පුද්ගලයෙකුටම පහසු මිලට ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. කෙසේ වෙතත් පරිඝනකයක් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට ගෙන්නු පුද්ගලයෙකු පිළිබද ලිපියක් පුවත් පතක සදහන්ව තිබෙනවා.
ඒ හාරිස්පත්තුව අලවතුගොඩ ඉපදී කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාත් අමරකෝන් මහතා සම්බන්ධයෙන්.
අමරකෝන් මහතා ශ්‍රී ලංකාවට පළමුවරට පරිගණකයක් ගෙන ආ පුද්ගලයා ලෙස සැලකෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ලැබූ නාත් අමරකෝන් මේ වන විට ආගමික වැඩසටහන්වල නිරත වන බවයි වාර්තා වන්නේ.
" මම එනකොට ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයක් තිබුණේ නෑ. මම පර්යේෂණ අංශයක් ආරම්භ කළා. ඒ අවුරුද්දෙම මම ලංකාවට පළමුවැනි පරිගණකය ගෙන්නුවා. ලංකාවට පළමුවැනි පරිගණකය ගෙන්නුවේ මමයි. ලංකාවට පරිගණක වැඩපිළිවෙළ හඳුන්වා දෙන්න මහ බැංකුව, පෙටේරා්ලියම් එක හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ආරාධනා කළා "