Frangipani Film at Piyumi Hansamali

සමලිංගිකත්වය ඇතුලත් Frangipani චිත්‍රපටයේ පියුමි හංසමාලිත් රඟ පාලා

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන Frangipani අද (21 ) සිට ශ්‍රී ලංකාවේ තිරගතවනවා.


එහි මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත් වුණා. Frangipani ඔස්සේ විශේෂයෙන් තහනම් ආදරයක් වටා ගෙතුන සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය සහිත කතාන්දරයක් වනවා.


Frangipani චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළවල් 24 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මාන ලැබීමට හා සම්මානවලට නිර්දේශ වීමට වරම් ලබා තිබෙනවා.

2015දී බ්‍රසීලයේ රියෝ ජාත්‍යන්තර සමකාමී සිනමා උළෙලේ විශිෂ්ඨතම විදේශීය සිනමා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර මෙම චිත්‍රපටයට මේ වන විට ජනප්‍රිය නිරුපිකාවක් ලෙස කටයුතු කරන පියුමි හංසමාලිද රංගනයෙන් දායක වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම චිත්‍රපටය පියුමි හන්සමලිගේ ප්‍රථම චිත්‍රපටය වන අතර මෙය රුගත කිරීම් සදහා ඇය එක්ව ඇත්තේ 2013 වර්ෂයේයි.












www.reader.lk