CSN is not sold - Rohan Weliwita

හරක් මඩුවක් දැම්මත් CSN විකුණන්නේ නැහැ 

CSN නාළිකාවේ විකාශන බලපත්‍රය ඉකුත් දින අවලංගු කරනු ලැබුවා. අවලංගු කල බවට ලිපිය ලැබුණු සැණින් තමන් විකාශන කටයුතු අත්හිටවූ බව එහි අධ්‍යක්ෂක නාළිකා ප්‍රධානී රොහාන් වැලිවිට මහතා සදහන් කළා.

එමෙන්ම CSN ආයතනය තුළ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය ඔහු සදහන් කළේ නාළිකාව පවත්වාගෙන ගිය ස්ථානයේ හරක් මඩුවක් දැම්මත් විකුණා දැමීමට අදහසක් නොමැති බවයි.


විකාශය අත්හිටුවීමේ බලය පවතින්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බවත්, කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, එම නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පරිපාලන නීති රාමුව තුළ බලය අතික්‍රමණය කර ඇති බවත් වැලිවිට මහතා එහිදී ප්‍රකාශ පැවසුවා.

වැඩි දුටරත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ නාළිකාව කිසිදු අයුරකින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර නොමැති බවයි.

නාලිකාව වෙනුවෙන් 2011 වසරේ සිට 2015 වසර දක්වා ආදායම් බදු පමණක් රුපියල් මිලියන 330කට වඩා ගෙවා තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතියේ පිළිසරණ පතන බව රොහාන් වැලිවිට මහතා සදහන් කළා.

www.reader.lk