Chilli at Home

හිරෙන් නිදහස් වෙලා චිලි ගෙදර ගහින් කරපුවා

පුද්ගලයෙකුට පහරදීම හේතුවෙන් සිරගත කළ චිලී හෙවත් තිලංක විදූෂට අද ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

තලංගම, විජිතපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.


ඒ අනුව ඔහු පසුගිය 11 වැනිදා තලංගම පොලීසියට භාර වූ පසු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අද දක්වා රිමාන්ඩ් භාරයේ පසු වුණා.

අද සැකකරු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් 10,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමටත්, සෑම මසකම අවසන් ඉරුදින තලංගම පොලීසියේ පෙනී සිටින ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

ලබන වසරේ ජනවාරී 24දා මීළඟ නඩුදිනය කැඳවීමට ද නියෝග කළා. නිදහස් වී සිය නිවසට ගොස් ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.



www.reader.lk