Giniyam Rae - Iraj

තරුණියන්ගේ සමලිංගික ඇසුර ගිය දුර - ගීතය ඉවත් කරන්න සැරසෙයි
දිය ඇල්ලක් අසල නිරුවත් වී සමලිංගික ඇසුරක් පවත්වන තරුණියන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතාබහකට ලක් වුණා.




මේ සම්බන්ධයෙන් බොහෝ දෙන බොහෝ මත පළ කළා. පසුව මෙම වීඩියෝ පටයේ සම්පුර්ණ වීඩියෝ පටය අන්තර්ජාලයට එක් කරනු ලැබුවා.

මෙම වීඩියෝ පටය ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නවතම ගීතයක් වන අතර ගීතය සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනා එල්ල කර තිඛෙනවා.

බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ සමලිගික ඇසුරක් මෙම වීඩියෝ පටයට එකතු කිරීමයි.

කෙසේ වෙතත් මේවන විට ගීතය විශාල පිරිසක් නරඹා ඇති අතර ඉරාජ්ගේ ගීතය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට වෙබ් අඩවි පවත්වාගෙන යන යම් පිරිසක් උත්සහ දරණවා.

ගීතය සදහා UNlIKE කරන ලෙස මුදල් ගෙවා සමාජ ජාල වෙබ් අඩවි වල දැන්වීම් දක්නට ලැඛෙනවා.

මේ අතර ගීතය සම්බන්ධයෙන් සාමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ නිර්මාණද හුවමාරු වෙමින් පවතිනවා.





www.reader.lk